Monday, July 15, 2019

ජෝතිෂ්‍ය තතු




                  ජෝතිෂ්‍ය යනු අංජනම්,ආරූඪ පේන කිම් ආදි දෙවියන් හෝ භුතයන් මගින් කරන ගුප්ත විද්‍යාවක්
        නොවන බව කිව යුතුය.
                     ”නක්ඛත්තං පතිමානෙත්තං 
                      අත්ථො බාලං උපච්චගා
                      අත්තො අත්ථසස් නක්කත්ං”

          නැකත් ඛලමින් කටයුත්ත පසු කරන්නා වු මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය.බලාපොරාත්තුවන අර්ථය සිදුවේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?
                                                                                     බුදුරදුන් ජොතිෂ්‍ය පිළිබද දැක්වු අදහසයි.
බුද්ධ චරිතය,බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළද ජෝතිෂ්‍ය ගැන සදහන් වන අවස්ථා බොහෝය.. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිද ගැනීම සිදු වු විට මහමායා දේවිය දුටු සිහිනයේ අර්ථය වුයේ පින්වත් දරුවකු පිළිසිද ගත් බවයි.එලෙස පැවසුවේ ජෝතිෂ්‍ය දැනූමෙන් යූත් බ‍්‍රහම්මණයින් විසිනි.
       තවද බෝසත් කුමරුට නම් තබන අවස්ථාවේ දී මෙම කුමරුන් මතු බූදු වන බව පැවසූවේ කොණ්ඩඤ්ඥ බමූණා විසිනි  ඔහු තුළ තිබු විශාරද  ජේතිෂ්‍ය දැනුම නිසාවෙනි ජෝතිෂ්‍ය ගැන විශිෂ්ට දැනුමක් තිබු මෙම බමුණා බුද්ධ ශාසනයේ පළමූවෙන්ම නිර්වාණබෝධයට පත් පුද්ගලයාද විය. එකල අඨ්‍යාපනයට විෂයන් 64 අයත් විය.එම විෂයන් අතර ගණිතය,ඉතිහාසය,හා ජෝතිෂ්‍ය ඇතුළත් විය.
                   ජෝතිෂ්‍ය යනු අදුරේ යන අයට හුළු අත්තකි.එය ප‍්‍රයෝජනවත් අයුරින් යොදා ගත යුතු වේ.ජෝතිෂ්‍ය යනු ශාස්ත‍්‍රයක් පමණකි. ග‍්‍රහලෝකවල පිහිටිම වගේ සාධක පදනම් කරගෙන නමුත් උපන් වෙලාවට අනුව ඉදිරිය විස්තර කිරිමක් පමණකි.එය මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වන්නේ එයට අනුව වැඩ කිරිමට යාමෙනි.
       අප සියලූ දෙනා සතුව කේන්දරයක් නැතිනම් වේලපත්කඩක් පවතිි.මෙය නිර්මාණය වන්නේ කෙනෙකුගේ උපන් වෙලාව අනුවයි. මේ ග‍්‍රහ පිහිටීම අනුව කෙනෙකුගේ ගති ගුණ හැගීම් හා ඔහුගේ හෝ ඇයගේ අනාගතය තීරණය වන බව ජෝතිෂ්‍ය විද්‍යාවේදී තීරණය වේ. කේන්දරයේ ඇති දෝෂ හා ගැලපීම් අනුව වෙලාවන් හා පරිසම් විය යුතු දේවල් පිළිබද මෙන්ම දෛවය පිළිබද වද මෙමගින් දැන ගත හැකිය.
         ඒ වගේම රාවණ යුගයේ පටන්ම තාරකා ශාස්ත‍්‍රය හෙවත් ජෝතිෂ්‍ය විද්‍යාව පැවත එන්නකි. එකල සිට මෙතරම් කාලයක් තිස්සේ නොනැසී පවතින්න තරම් සත්‍යක් මේ විෂයෙහි ඇති බව අවිවාදයෙන් කිව හැකිය.පොත පත කියවද්දී ඒවායේ හමුවන චරිත වලින් හැගවෙන දෙයක් නම් මේ විෂයෙහි අති දක්‍ෂයන් උපන් වේලාවේදී කේන්ද්‍රය බලා ඔහුගේ ආයුෂ හා ඔහු ගත කරන ජීවිතය පිළිබද නිවරදි ලෙසම අනාවැකි ඵල කර ඇති බවයි. මේ ක්‍ෂේත‍්‍රයේ නිවරදි ලෙස යෙදෙන්නකුගෙන් ශුභ වේලාවන් ගෙන ඒ ඒ වේලාවන් ශ‍්‍රභ කාර්යන්හී යෙදිිමෙන් ඉතා සාර්ථක ලෙස කාර්යයන් කර ගැනීමේ හැකියාව පවතිි.
        ඒ වගේම විවාහය පිළිබද සදහන් කිරීමේදි විවාහ වීමට සිටින යුවලක් තම පොරොන්දම් කෙතරම්දුරකට ගැලපෙනවාද යන්න පරික්‍ෂා කරනු ලබයි. දෙමාපියන් මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනකුගේ සිතුම් පැතුම්,චර්යා, ලිංගික ගැලපීීම,දරු ඵල, ආදිය ගැලපේද යන්න ජෝතිෂ්‍යට අනුව සොයා බැලිමයි. පොරොන්දම් නිසි අයුරින් ගැලපේනම් සියලු දෙනා සතුටට පත් වේ.යම් හෙයකින් පොරොන්දම් අශුභ වී නම් විවාහය නවතා දමයි.මෙහිදී වැඩි අවධානයක් දිනා ගනු ලබන්නේ අත්‍යවශ්‍ය පොරොන්දම් සමග වැඩි පොරොන්දම්  ශුභ වී අසාර්ථක වන විවාහයන් ගැනය.මෙවැනි අවස්ථාවන්හි දීජෝතිෂ්‍යට වරද පටවන්නෝද සිටිති. නමුත් සැබෑ විවාහ පරික්‍ෂාවක් යනු විසි පොරොන්දමෙන් බොහෝ ඈතින් ඇති දෙයක් බව කිසිවෙකු කල්පනා නොකරති.
        තවද ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමේදී ද ජෝතිෂ්‍යට අනුව කටයුතු කරනු ලබයි. කුඩා දරුවකු හට නම් තැබිමේදී ලග්න හිමි අක්ෂර,දින හිමි අක්ෂර,නැකත් පාද,ගණ සම්බන්ධ විස්තර පිළිබද පරික්‍ෂා කිරිමෙන් අනතුරුව දරුවාට සුදුසු නමක් යෝජනා කරනු ලබයි.
        තවද ඈත අතිතයේ සිට ලක්දිව සංස්කෘතිය හා ජෝතිෂ්‍ය බැදි පවති. බොහෝ චාරිත‍්‍ර යෙදීී ඇත්තේ නැකත් වෙලාවන්ට අනුවය. එහිදීී නව සද බැලිම,පරණ අවුරුද්ද සදහා ස්නානය, අවුරුදු උදාව, යනාද’ සෑම චාරිත‍්‍රයක්ම ඉටු කරනු ලබන්නේ නැකත් වලට අනුවය.
      ඒ වගේම ජෝතිෂ්‍ය විද්‍යාවේ සියුම් හා ගැඹුරුම කොටස වශයෙන් නාඩි ජෝතිෂ්‍ය හදුනා ගත හැකිය. මෙය පාරම්පරික ජෝතිෂ්‍ය රහස් වලින් සමන්විත වු විද්‍යාවකි.මෙමගින් කෙනෙකුගේ මරණය සිදු වන ආකාරය,එය සිදුවන කාල වකවානු,ගිය ආත්ම භාවය, මතු ආත්ම භාවය පිළිබද විවරණය කළ හැකි වේ.
තවද සෑම වැදගත් අවස්ථාවකටම සරිලන පරිදි මුහුර්ති සකස් කිරිම, නැකත් සෑදීම යනුවෙන් හදුනා ගත හැකිය. එයද ජෝතිෂ්‍යට අනුව සිදුකරනු ලබයි.
              අලූත උපන් දරුවාට පළමු ආහාර කැවිමේ වේලාව
              මුල්ම අකුරු කියවිම
              මංගල නැකත් සෑදීීම
                                                                          යනාදිය සිදු කරනු ලබන්නේ නැකත් වලට අනුවය.
ව්‍යාපාරයක් වැනි දෙයක් අලූතින් ආරම්භ කිරිමේද’ ජෝතිෂ්‍යට අනුව කටයුතු කරයි. එහිදී ව්‍යාපාරය පටන් ගන්නා පුද්ගලයාගේ සහ හවුල්කරුවන්ගේ උපන් වෙලාවන්ට අනුව සුදුසු වෙලාවන් තීරණය වේ.මෙම ශාස්ත‍්‍රය ශබ්ධ ශාස්ත‍්‍රය යන ඉපැරණි ක‍්‍රම වේදයට අනුව සකසා ගත් ශාස්ත‍්‍රයකි.
  
ඒ වගේම මන්තර විද්‍යාවේදී සිදු කරනු ලබන්නේ යම් කෙනෙකුට හෝ යම් තැනකට කරන නරක ශක්තියක් විසින් ඇති කරන ලද බලපෑම් ඇත්නම් එම නරක ශක්තීන් ඉවර කර එම පිරිස ආරක්‍ෂා කිරිම මෙන්ම සුභ ඵල ලබා ගැනිම සදහා මන්තර ජප කරනු ලබයි. ඉපැරණි සහ නවීණ ගෙවල් වල ඇති දෝෂ සහ එම ගෙවල් වල නිවස ඇතුලත සහ පිටත ගෘහ භාණ්ඩ, පහන් පත්තු කරණ ස්ථානය,කාමර වල පැහැයන්, ලිප තැබ්ය යුතු ස්ථානය යනාදිය දැන ගැනිම වාස්තු විද්‍යාවට අනුව සිදුකරනු ලබයි. තවද අවුරුදුගණනාවක් කළ පරික්‍ෂණ වල ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ගේ දියුණුවට හා ඔවුන්ගේ නරක ශක්තීන් සහ අපල කාලවලින් ඇතිවෙන අසුභ ශක්තීන්ගෙන් ඈත් කර සුභ ඵල ඇති කරවන යහපත් ශක්තීන් ලබා ගැනිම සදහා තමන්ගේ ග‍්‍රහ පිහිටීම අනුව සුදුසු මැණික් වර්ග පැළදවීම සිදුකරනු ලබයි. මෙලෙස සෑම කටයුත්තක් සමගම ජෝතිෂ්‍ය බැදීී පවතීී.
          එමෙන්ම මාධ්‍ය මගින්ද ජෝතිෂ්‍ය භාවිතා කරමින් විවිධ ජන මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. එම වැඩසටහන් සදහා රටේ ප‍්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් ගෙන්වා ඔවුන්ගෙන් ප‍්‍රශ්න ඇසීමට ජනතාවට අස්ථාව සලසා දෙයි. ඒ වගේම 2015 පැවති මහ මැතිවරණය පිළිබද ද ප‍්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් විසින් පක්‍ෂයන්ට අදාළව විවිධ අනාවැකි ඉදිරිපත් කරන ලදීී. මෙහිදී පාඨකයන් විසින් විවිධ පැනයන් ඉදිරිපත් කරන ලදීී. එහිදී
            ඡුන්දෙට මොකද වෙන්නේ.........?
            කවුද දිනන්නේ........?
            රනිල්ද.......? මහින්දද.......?
                                                            යනාදී ලෙස බොහෝ දෙනෙක්ගේ විවිධාකාර අදහස්,ප‍්‍රශ්න හමුවේ ජෝතිෂ්‍යවේදීන් පිළිතුරු ලබා දෙනු ලැබීය.මෙම අවස්ථාවේ දී එජාපයෙන් ඡන්දය මෙහෙය වු රනිල් වික‍්‍රමසිංහගේ සහ සන්ධානයෙන් ඡන්දය මෙහෙය වු මහින්ද රාජපක්‍ෂගේ කේන්දර වලට ප‍්‍රමුඛතාව හිමි වී තිබිණි.ඊට අමතරව සන්ධානයේ කේන්දර සටහනට ද මුලික තැනක් හිමි විය.මෙයින් එජාපය ජය ගන්නා බව පැහැදිලි විය.
     තවද ජෝතිෂ්‍යවේදීීීන් ප‍්‍රකාශ කර සිටියේ නැවත රටේ යුද ගිනි බියක් කිසි කලෙකවත් ඇති නොවන බවද අනවශ්‍ය ප‍්‍රශ්න ගැටලු ක‍්‍රමිකව දුරලමින් රටට යහපත් කාලයක් උදාවන බවත්ය.තම සීලය රැකගනිමින් යහපත්ව ජිවිතය ගෙවු අයට යහපත් කාලයක් ඉදිරියට උදා වන බවත්ය.
           නමුත් වර්තමානය වන විට මෙම ජෝතිෂ්‍ය ශාස්ත‍්‍රය මුදල් පසු පස හඹා යන සුදුවක් බවට පත් වි ඇත.වර්තමානයේ මේ ශාස්ත‍්රයේ නියැලෙන්නේ මෙම ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරවු පිරිස්ද යන්න ගැටලුවකි.ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ ජනතාව රවට්ටමින් තම පසුම්බිය තර කර ගැනිමයි.එනිසා වංචාකාර පුද්ගලයන්ට හසු නොවී මනා දැනුමින් යුතු වීම නුවණට හුරු කමකි.
                     මේ අයුරින් ජෝතිෂ්‍ය යහපත් දේ මෙන්ම අයහපත් දේද ගැබ්ව පවති.සුදුසු දේ සුදුසු ස්ථානයේදී තෝරා ගැනිමට තමන් තුල අවබෝධයක් තිබිම යුගයේ අවශ්‍යතාවය වී ඇත.
          
                                                                චිරං ජයතු..........! 

        
                                                           
                                                                  

5 comments: