හක්ලග උද්භිද උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට දේශීය, විදේශීය, ආවේණික ශාක 20,000ක් පමණ නැරඹීමට හැකියාව ඇත.ඒ අතරින් ලංකාවට ආවේණික ශාක 4143 ද ලංකාවට හා විදේශීයට ආවේණික ශාක 3107 ද හක්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණ ද දැකගත හැකි වේ.වසර සියයකට වඩා පැරණි ශාක විශාල සංඛ්‍යාවක් සංචාරකයන්ට දැක ගැනීමට හැකියාව ලැබේ.තවද ඉතා ඉහළට විහිදී ගිය උප ඝර්ම කලාපීය රටවල් වලින් හදුන්වා දුන් රූස්ස ගස් විශාල ප‍්‍රමාණයක් ද මෙහි පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි වේ.
1883 දී සිටුවා ඇති ලොත් සුමුල් ශාක එකතුව, 1893 වසරේ දී චීනයෙන් රෝපණය කළ කපුරු ශාක පද්ධතිය ද 1921 දී ස්ථාපිත කළ ස්වාභාවික ගිරි උයන, දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සෑදුනු ලයිකන වර්ග හා විවිධ පාසි වර්ග ද මීවන උයන සැබැවින් ම ගෙන දෙන්නේ සංචාරකයන්ට සුවදායක පරිසරයකි.තේ ශාකය ද මෙම උද්‍යානය තුළ අතීතයේ සිටම වගා කර ඇත.එසේම ශාකාගාරයේ වසර 100 ට වඩා පැරණි ශාකවල නිදර්ශන නැරඹීමට ද සංචාරකයන්ට හැකි වේ. කදුකර වනාන්තර හා කදුකර ප‍්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන 1000ක් පමණ දැකිය හැකි වේ.ශාක පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට ඊට සුදුසුම ගමනාන්තයක් වශයෙන් හක්ගල උද්භිද උද්‍යානය හැඳින්විය හැක.
මෙම හක්ගල උද්භිද උද්‍යානය අතීතයේ දී සිංකෝනා ශාකය වැවීම සඳහා භාවිතයට ගෙන තිබුණි.අදටත් මෙහි පැමිණෙන සංචාරකයන්ට සිංකෝනා ශාකය නැරඹීමට අවකාශය උදා වේ.මෙම උද්‍යානයේ ඇති වෘක්ෂලතා උප නිවර්තන කලාපයට අයත් වන අතර දේශීය කදුකර විශේෂ වලින් හා වෙනත් උපනිවර්තන රටවලින් හදුන්වා දෙන ලද ශාකවල සම්මිශ‍්‍රණයක් ද දැකිය හැක.
මෙම උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි ආකර්ෂණීය ස්ථාන කීපයක් වශයෙන්,
බල්බ උයන
මධ්‍යම පොකුණ
ශී‍්‍ර ලංකා පොකුණ
පහළ මල්යාය
රෝස මල් උයන
පලතුරු උද්‍යානය
වීදුරු ගෘහය
ඉහළ පුෂ්ප උයන
මීවන උයන
ගිරි උයන ආදිය හැඳින්විය හැක. හක්ගල මල් උයන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය දිනා ගනුයේ මේ අතරින් රෝස මල් උයන යි.ඉතා අලංකාර විවිධ වර්ණවල, විවිධ ප‍්‍රමාණවල රෝස මල් මෙහිදී නැරඹීමට හැකි වේ .
කැමේලියා, ජස්මින්, දාස්පෙති ආදී විවිධ මල් වර්ග රාශියක් සංචාරකයන්ට මෙහිදී නැරඹීමට අවකාශය උදා වේ .උද්‍යානයේ ඉහළ ප‍්‍රදේශයේ දැකගත හැකි ඕකිඞ් උයන ද මෙහි පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ආකර්ෂණිය ස්ථානයකි.ඒකදේශික ඕකිඞ් වර්ග රැසක් මෙහිදී නැරඹීමට හැක. ඕකිඞ් මල්වලට ප‍්‍රියකරන සහ අධ්‍යයනය කරන්නන්ට ද ඒ සඳහා ඕකිඞ් මල් උයන ආකර්ෂණිය ස්ථානයකි.පලතුරු උද්‍යානය තුළ දී විවිධ වර්ගවල පලතුරු නැරඹීමට ද සංචාරකයන්ට අවකාශය උදා වේ.ආකර්ශනීය කුඩා දියපහරවල සුන්දරත්වය විඳගැනීමට ද මෙම උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට හැකියාව ඇත.මාර්තු මැද සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ සෞම්‍ය දේශගුණයක් පවතින බැවින් එම කාලය තුළ මෙම උද්‍යානය වඩා දර්ශනීය ලෙස නැරඹීමට හැකි වේ.
විවිධ ශාක, මල් වර්ග වලට අමතරව මෙම උද්‍යානය තුළ දී පක්ෂීන් වර්ග කීපයක් නැරඹීමට ද සංචාරකයන්ට අවකාශය ඇත .නිදසුන් ලෙස මෙම පක්ෂීන් හැඳින්විය හැක.කුඩා උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට පක්ෂීන් නැරඹීමට හැකි වේ.තවද සංචාරකයන්ට ඉතා අලංකාර සමනලූන් නැරඹීමට ද මෙම උද්‍යානයේ දී අවස්ථාව උදා වේ.ජෛව විවිධත්වයෙන් අනූන හක්ගල උද්භිද උද්‍යානය තුළ දී නුවරඑළියට ආවේණික කලූ වදුරන් ද සංචාරකයන්ට දැක ගැනීමට හැකියාව ඇත.
සංචාරකයන්ට මෙහි ඇති ශාක හා පුෂ්ප පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා උද්භිද විද්‍යාත්මක නාමය,කුලය හා සම්භවය දක්වන නාම පුවරු ද ඉදිරිපත් කර ඇතිි නොක් ගිම්හාන නිවාසය, පැළ විකිණුම්හල ද සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ස්ථාන වේ.
හක්ගල උද්භිද උද්‍යානය තුළ උද්භිද විද්‍යාවේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරයි. ශී‍්‍ර ලංකාවේ ආර්ථික හා පාරිසරික සංවර්ධනය උදෙසා සියලූම ආකාරයේ ශාක වර්ග හදුන්වා දීම සම්බන්ධව වගකීම් දරයි. මෙම උද්‍යානය තුළ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය, වාහන ඇතුල් කිරීමේ ගාස්තු, පැළෑටි හා අනෙකුත් ආශි‍්‍රත අලෙවිය, හා අනෙකුත් ක‍්‍රියාකාරකම් මගින් ආදායම් උත්පාදනය කරගනී. විශේෂ නියෝජිතයන් ඇතැම් අවස්ථාවල දී මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙයි. පුරාණ තේ වගාව පිළිබඳ අධ්‍යයනයට හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ඇෂ්ටන් ,යෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ඇෂ්ටන් වැනි විදේශීය මහාචාර්යවරුන් පැමිණ ඇත.
සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ස්ථානයක් ලෙස නොක් ගිම්හාන නිවස හැඳින්විය හැක. වසර 6ක් මෙහි සේවය කරමින් බොහෝ දෙනාගේ ගෞරවයට පත් වූ ජේ. කේ නොක් ගේ කණගාටුදායක මරණයෙන් ශෝකයට පත් ඔහු සමග සේවය කළ සහෝදර සේවකයන් ඔහු සිහිපත් වීමට 1912 දී මෙම නොක් ගිම්හාන නිවස නිර්මාණය කර ඇත. මෙම නිවස තනා ඇති උස් භූමියේ සිට බැලූ කළ නමුණුකුළ කදු පන්තිය ද ඌව හපුතලේ කපොල්ල ද වම් පසින් මදුල්සිමා කදුවැටිය ද දැක ගත හැකි ය. මේ අන්දමට හක්ගල උද්භිද උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට විවිධ ශාක,පුෂ්ප,සතුන් නැරඹීමටත් විවිධ අත්දැකීම් ලබමින් තම චාරිකාව තෘප්තිමත්ව ගත කිරීමට හැකි වේ.





