Monday, July 29, 2019

උද්‍යාන තුළ දී සංචාරකයන්ට නැරඹීමට හැකි ආකාර්ෂණීය අංග



 උද්භිද උද්‍යානයක් යනු මල් වත්තක් පමණක් නොවේ.උද්භිද උද්‍යානයකින් විශාල කාර්ය ප‍්‍රමාණයක් සිදුකරයි.කෙසේ වුවද ඉතා සුන්දර නෙත් කලූ උද්භිද උද්‍යානයකින් ශාක, සතුන් පිළිබඳව විශාල දැනුමක් ලබා ගත හැකි වේ.ශාක හා සතුන් පිළිබඳව ගවේශනය කරන්න්ට, විද්‍යාඥන්ට, ශිෂ්‍ය ප‍්‍රජාවට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද උද්භිද උද්‍යානයක් නැරඹීමෙන් විශාල දැනුමක් ලබා ගත හැක.ශාක හා පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නෙකුට උද්භිද උද්යාන යනු පර්යේෂණාගාරයක් හෝ අධ්‍යයන ආයතනයක් වැනි ස්ථානයකි.උද්භිද උද්‍යානයක් සංචාරකයන්ට නෙත් කලූ ගමනාන්තයක් බවට පත් කරලීම සඳහා උද්‍යාන විද්‍යාත්මක මූලධර්ම අනුව විවිධ ශාක අලංකාරව තාක්ෂණික ක‍්‍රමවේද වලට අනුව නිර්මාණය කිරීමත් උද්‍යානය මැනවින් නඩත්තු කරලීමත් සිදු කරයි.හක්ගල උද්භිද උද්‍යානය ද දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය නොමදව දිනා ගත් ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ඉතා අලංකාරව නිර්මාණය කර ඇත.
                               හක්ලග උද්භිද උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට දේශීය, විදේශීය, ආවේණික ශාක 20,000ක් පමණ නැරඹීමට හැකියාව ඇත.ඒ අතරින් ලංකාවට ආවේණික ශාක 4143 ද ලංකාවට හා විදේශීයට ආවේණික ශාක 3107 ද හක්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණ ද දැකගත හැකි වේ.වසර සියයකට වඩා පැරණි ශාක විශාල සංඛ්‍යාවක් සංචාරකයන්ට දැක ගැනීමට හැකියාව ලැබේ.තවද ඉතා ඉහළට විහිදී ගිය උප ඝර්ම කලාපීය රටවල් වලින් හදුන්වා දුන් රූස්ස ගස් විශාල ප‍්‍රමාණයක් ද මෙහි පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි වේ.
                              1883 දී සිටුවා ඇති ලොත් සුමුල් ශාක එකතුව, 1893 වසරේ දී චීනයෙන් රෝපණය කළ කපුරු ශාක පද්ධතිය ද 1921 දී ස්ථාපිත කළ ස්වාභාවික ගිරි උයන, දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සෑදුනු ලයිකන වර්ග හා විවිධ පාසි වර්ග ද මීවන උයන සැබැවින් ම ගෙන දෙන්නේ සංචාරකයන්ට සුවදායක පරිසරයකි.තේ ශාකය ද මෙම උද්‍යානය තුළ අතීතයේ සිටම වගා කර ඇත.එසේම ශාකාගාරයේ වසර 100 ට වඩා පැරණි ශාකවල නිදර්ශන නැරඹීමට ද සංචාරකයන්ට හැකි වේ. කදුකර වනාන්තර හා කදුකර ප‍්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන 1000ක් පමණ දැකිය හැකි වේ.ශාක පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට ඊට සුදුසුම ගමනාන්තයක් වශයෙන් හක්ගල උද්භිද උද්‍යානය හැඳින්විය හැක.
                             මෙම හක්ගල උද්භිද උද්‍යානය අතීතයේ දී සිංකෝනා ශාකය වැවීම සඳහා භාවිතයට ගෙන තිබුණි.අදටත් මෙහි පැමිණෙන සංචාරකයන්ට සිංකෝනා ශාකය නැරඹීමට අවකාශය උදා වේ.මෙම උද්‍යානයේ ඇති වෘක්ෂලතා උප නිවර්තන කලාපයට අයත් වන අතර දේශීය කදුකර විශේෂ වලින් හා වෙනත් උපනිවර්තන රටවලින් හදුන්වා දෙන ලද ශාකවල සම්මිශ‍්‍රණයක් ද දැකිය හැක.
                මෙම උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි ආකර්ෂණීය ස්ථාන කීපයක් වශයෙන්,
                                   බල්බ උයන
                                   මධ්‍යම පොකුණ
                                   ශී‍්‍ර ලංකා පොකුණ
                                   පහළ මල්යාය
                                   රෝස මල් උයන
                                   පලතුරු උද්‍යානය
                                   වීදුරු ගෘහය
                                   ඉහළ පුෂ්ප උයන
                                   මීවන උයන
                                   ගිරි උයන                                                                      ආදිය හැඳින්විය හැක. හක්ගල මල් උයන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය දිනා ගනුයේ මේ අතරින් රෝස මල් උයන යි.ඉතා අලංකාර විවිධ වර්ණවල, විවිධ ප‍්‍රමාණවල රෝස මල් මෙහිදී නැරඹීමට හැකි වේ  .
       කැමේලියා, ජස්මින්, දාස්පෙති ආදී විවිධ මල් වර්ග රාශියක් සංචාරකයන්ට මෙහිදී නැරඹීමට අවකාශය උදා වේ .උද්‍යානයේ ඉහළ ප‍්‍රදේශයේ දැකගත හැකි ඕකිඞ් උයන ද මෙහි පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ආකර්ෂණිය ස්ථානයකි.ඒකදේශික  ඕකිඞ් වර්ග රැසක් මෙහිදී නැරඹීමට හැක. ඕකිඞ් මල්වලට ප‍්‍රියකරන සහ අධ්‍යයනය කරන්නන්ට ද ඒ සඳහා  ඕකිඞ් මල් උයන ආකර්ෂණිය ස්ථානයකි.පලතුරු උද්‍යානය තුළ දී විවිධ වර්ගවල පලතුරු නැරඹීමට ද සංචාරකයන්ට අවකාශය උදා වේ.ආකර්ශනීය කුඩා දියපහරවල සුන්දරත්වය විඳගැනීමට ද මෙම උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට හැකියාව ඇත.මාර්තු මැද සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ සෞම්‍ය දේශගුණයක් පවතින බැවින් එම කාලය තුළ මෙම උද්‍යානය වඩා දර්ශනීය ලෙස නැරඹීමට හැකි වේ.
                      විවිධ ශාක, මල් වර්ග වලට අමතරව මෙම උද්‍යානය තුළ දී පක්ෂීන් වර්ග කීපයක් නැරඹීමට ද සංචාරකයන්ට අවකාශය ඇත .නිදසුන් ලෙස මෙම පක්ෂීන් හැඳින්විය හැක.කුඩා උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට පක්ෂීන් නැරඹීමට හැකි වේ.තවද සංචාරකයන්ට ඉතා අලංකාර සමනලූන් නැරඹීමට ද මෙම උද්‍යානයේ දී අවස්ථාව උදා වේ.ජෛව විවිධත්වයෙන් අනූන හක්ගල උද්භිද උද්‍යානය තුළ දී නුවරඑළියට ආවේණික කලූ වදුරන් ද සංචාරකයන්ට දැක ගැනීමට හැකියාව ඇත.
          සංචාරකයන්ට මෙහි ඇති ශාක හා පුෂ්ප පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා උද්භිද විද්‍යාත්මක නාමය,කුලය හා සම්භවය දක්වන නාම පුවරු ද ඉදිරිපත් කර ඇතිි නොක් ගිම්හාන නිවාසය, පැළ විකිණුම්හල ද සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ස්ථාන වේ.
  හක්ගල උද්භිද උද්‍යානය තුළ උද්භිද විද්‍යාවේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරයි. ශී‍්‍ර ලංකාවේ ආර්ථික හා පාරිසරික සංවර්ධනය උදෙසා සියලූම ආකාරයේ ශාක වර්ග හදුන්වා දීම සම්බන්ධව වගකීම් දරයි. මෙම උද්‍යානය තුළ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය, වාහන ඇතුල් කිරීමේ ගාස්තු, පැළෑටි හා අනෙකුත් ආශි‍්‍රත අලෙවිය,  හා අනෙකුත් ක‍්‍රියාකාරකම් මගින් ආදායම් උත්පාදනය කරගනී. විශේෂ නියෝජිතයන් ඇතැම් අවස්ථාවල දී මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙයි. පුරාණ තේ වගාව පිළිබඳ අධ්‍යයනයට හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ඇෂ්ටන් ,යෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ඇෂ්ටන් වැනි විදේශීය මහාචාර්යවරුන් පැමිණ ඇත.
       සංචාරකයන්ට නැරඹීමට හැකි තවත් ස්ථානයක් ලෙස නොක් ගිම්හාන නිවස හැඳින්විය හැක. වසර 6ක් මෙහි සේවය කරමින් බොහෝ දෙනාගේ ගෞරවයට පත් වූ ජේ. කේ නොක් ගේ කණගාටුදායක මරණයෙන් ශෝකයට පත් ඔහු සමග සේවය කළ සහෝදර සේවකයන් ඔහු සිහිපත් වීමට 1912 දී මෙම නොක් ගිම්හාන නිවස නිර්මාණය කර ඇත. මෙම නිවස තනා ඇති උස් භූමියේ සිට බැලූ කළ නමුණුකුළ කදු පන්තිය ද ඌව  හපුතලේ කපොල්ල ද වම් පසින් මදුල්සිමා කදුවැටිය ද දැක ගත හැකි ය. මේ අන්දමට හක්ගල උද්භිද උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට විවිධ ශාක,පුෂ්ප,සතුන් නැරඹීමටත් විවිධ අත්දැකීම් ලබමින් තම චාරිකාව තෘප්තිමත්ව ගත කිරීමට හැකි වේ.


                            
                                            
          



Sunday, July 28, 2019

ප‍්‍රචාරණ දැන්වීම්කරණය

 වර්තමානය වන විට ප‍්‍රචාරණය දැන්වීම්කරණය යන්න පෙරට වඩා සංකීරණ වී ඇති බව පෙනේ. ව්‍යවසායික අපේක්‍ෂා මත නිර්මාණය වන දැන්වීම් තුලින් ගොඩ නැගෙන සංහතික මාධය සංස්කෘතිය තුල පුද්ගලයාත් සමාජයත් මංමුලා වී ඇති බව පෙනෙන්නට තිබේ. එකී  මාධ්‍ය සංස්කෘතිය  තුල පුද්ගලයා සම්පූර්ණයෙන්ම හැසිරෙන්නේ මාධය දැන්වීම් නිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. මාධ්‍ය දැන්වීම් වලින් තොරව මිනිසාට තම අවශ්‍යතාවන් සම්පූර්ණ කරගත හැකිද? ඒ තරමට මාධය දැන්වීම් පුද්ගලයාටත් පුද්ගලයාගෙන් සංයුක්ත වූ සමාජයටත් බලපෑම් කරන බව පෙනේ. මාධ්‍ය දැන්වීම් යනු හුදෙක් කිසියම් සන්දේශයක් ග‍්‍රාහකයා වෙත ලබා දීම පමණක් නොවේ. එය පුද්ගලයාගේ සිතුම් පැතුම් හා චර්යාවන්ද වෙනස් කරන බව පෙනේ. රූපයත් නාදයත් අතර අපූරු සුසංයෝගයකින් නිර්මාණය වන සංදේශ බලහත්කාරයෙන් ඇස් ගෙඩි වලින් මොළ ගෙඩි වලට කඩා පනී.එයින් වැළකීමට නුපුළුවන,භාණ්ඩ,හා සේවා රැගත් දැන්වීම් තුළින් පුද්ගලයා තමන්ට නොගැලපෙන පාරිභෝගිකවාදි සංස්කෘතියකට හුරු වී ඇති බව පෙනේ.එහිදි තමන්ගේ මුලික අවශ්‍යතාවයන් පසෙකලා ආශාවන් පසුපස හඹා යයි.
             මාධ්‍ය දැන්විම්කරණයේ අහිතකර ප‍්‍රතිඵල දැඩි වශයෙන් ම භුක්ති විදින්නේ කුඩා ළමුන්ය.ප‍්‍රතිඵල දැඩි වශයෙන් ම භුක්ති විදින්නේ කුඩා ළමුන්ය.ඔවුන් එක් දිනකට දැන්විම් විශාල ප‍්‍රමාණයක් නරඹන අතර එකී දැන්වීම් තුළින් නිවසේ ආලින්දයට ගෙන එන විවිධ වර්ගයේ ක්ෂණික ආහාර,පැණි රස කෑම ඉල්ලා උද්ඝෝෂණය කරයී. උද්ඝෝෂණ හමුවේ පරාජය වන දෙමාපියන් දරුවන්ට එකී සියලූ නව වෙළඳපොල ආක‍්‍රමණය කරන සියලූ භාණ්ඩ දරුවන්ගේ දෝත තබයිි.
ඔවුන් ඒවා වැළඳ ගනියි.
             සමස්තයක් වශයෙන් දැන්වීම්කරණයයේ සමාජිය අවශ්‍යතාද පවතී.දැන්වීම් නොමැති වුවොත් වර්තමානයේ කෙතරම් කාන්තාවන්ට අවිවාහකව සීටිමට සිදු වේද? කොතරම් වාහන හා ඉඩම් විකුණාගත නොහැකි වන්නේද? තමන්ට අවශ්‍ය භාණ්ඩ සොයා ගැනීම සඳහා පාරිභෝගිකයා වෙළඳපොලේ රස්තියාදු වන්නේද? යනාදී අවශ්‍යතාවයන් සඳහා දැන්විම් ප‍්‍රචාරය අවශ්‍යයය.මාධ්‍ය දැන්විම්කරණය පිළිබඳව අධ්‍යනය කිරීෙමි දී ‘දැන්විම්’ යන වචනයේ අර්ථය විමසා බැලීය යුතුය. දැන්විම්කරණය යනු සංකීර්ණ ක‍්‍රියාවලියකි.එය වෙළද දැන්විම් වලට පමණක් සීමා නොවි ඒවා වාණිජමය සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් විවිධ මුහුණුවරින් ඉදිරිපත් විය හැකිය.මාධය දැන්විම්කරණය ප‍්‍රධාන වශයෙන් වාණිජමය සාධක සමග බැඳි ඇති නමුත් මාධ්‍ය දැන්විම්කරණය එයට පමණක් සීමා නොවේ.සමහස්තයක් වශයෙන් ගෙන බලන විට මාධ්‍ය දැන්විම්කරණයේ ප‍්‍රධාන ප‍්‍රභේද 3 ක් හඳුනා ගත හැකි වේ. 
                                      වෙළඳ දැන්විම්
                                      සමාජ සේවා දැන්විම්
                                       දේශපාලනික දැන්විම්

             දැන්විම්කරණයේ ඉතිහාසය පිළිබඳව සඳහන් කිරීමේ දී සන්නිවේදනයේ ආරම්භය මානව සමාජයේ ආරම්භයට සමගාමි වන්නකි.ඒ අනුව මානවයා විසින් අඳින ලද විවිධ චිත‍්‍ර, රූප සටහන් තුළ ඇත්තේ යම් ආකාරයක දැනුම් දිමකි.ඒවා වර්තමානයට දැන්විම්ද? ප‍්‍රවෘත්තිද? විශේෂාංගද? නැතිනම් මානවයා තම අධ්‍යාත්මික හැඟිම් හා මනෝභාවයක් ප‍්‍රකාශ කළ අවස්ථාවන් ද යන්න සොයා බැලිය යුතුය.
             මාධ්‍ය දැන්විම්කරණය බැලූ බැල්මට ව්‍යවසායික අරමුණක් වශයෙන් සලකා බැලීය හැකි නමුත් ඊටම සීමා කළ නොහැකිය.මෙහිදි මාධ්‍ය දැන්විම්කරණය පිළිබඳ මධ්‍යස්ථ විග‍්‍රහයක් සිදු කිරීම වඩාත් උචිතය. මාධ්‍ය දැන්විම්කරණයේ අවශ්‍යතාව විවිධ ආස්ථානයන්ගෙන්  බැලීය හැකිය.එය ප‍්‍රධාන වශයෙන් දෘෂ්ටි කෝණ 3 ක් යටතේ සාකච්ඡාකළ හැකිය.

                                        ව්‍යාපාරික අවශ්‍යතාව
                                        පාරිභෝගික අවශ්‍යතාව
                                        සමාජ අවශ්‍යතාව

               මාධ්‍ය දැන්විම්කරණයේදී පාරිභෝගිකයා පොලඹවා ගැනිම සඳහා දැන්විම්කරුවන් විවිධ උපක‍්‍රම භාවිතා කරයි.

                   පුද්ගලභාව හා චරිත ලක්ෂණ ඉලක්ක කරගෙන දැන්විම් නිර්මාණය කිරීම.
                   දැන්විම් තුළින් තෘප්තීමත් බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
                   සුරක්ෂිත බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
                   බුද්ධිමත් බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
                                                                                             යනාදී වශයෙනි.

මාධ්‍ය දැන්විම්කරණයේ හිතකර ලක්ෂණ මෙන්ම අහිතකර තත්ත්වයන් ද පවතී.ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ප‍්‍රකාශ කරන්නේ මාධ්‍ය දැන්විම් තුළින් සමාජයට අයහපත් පුරුදු එක් කරන බවයි.එසේම සාරධර්ම,සංස්තෘතියේ අගය කිරීම් හා මානව ගුණ ධර්ම උල්ලංඝණය වන බවද ඇතැමුන් දක්වයි. ඒ අනුව බැලිමේ දි මාධ්‍ය දැන්විම්කරණයේ අවාසි හෙවත් අහිතකර ප‍්‍රතිඵල ගණනාවක් ද හඳුනා ගත හැකිය.

                                     පුද්ගලයා තුළ අවශ්‍යතා ඉක්මවා ගිය ආශාවන් නිර්මාණය කරයි.
                                     පාරිභෝගිකයා මුලාවිම / රැවටීම.
                                     ප‍්‍රචාරන භාණ්ඩවල වටිනාකම ඉහළ දැමීම.
                                     ගුණාත්මක හීන භාණ්ඩ අලෙවි වීම.
                                      ළමුන් තුළ අයහපත් පුරුදු වර්ධනය.
                                                                                                   යනාදී වශයෙනි.





උඳුගොඩ සත්ව ගොවිපළ




ස්වභාදහමේ අපූර්ව නිර්මාණයක් වූ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ උඳුගොඩ ගා‍්‍රමයේ අක්කර 100 පුරා පැතිරී තිබෙන භූමියේ හාවන්,මුවන්,කුරුළු වර්ග,වලිකුකුළන් වැනි සතුන් නිදහසේ සැරිසැරූ බව පැරැුන්නන් පවසති.1990 වර්ෂයේ නේපාල රජයේ අනුග‍්‍රහයෙන් මෙම භූමිය සත්ව ගොවිපලක් බවට පත් කරන ලදි.මෙය ආරම්භයේදී ”රජයේ කිරි පට්ටිය ” යනුවෙන් හඳුන්වන ලදි.බටහිර ජර්මන් ජනරජයේ ලෝක සොයා ගැනීමේ ආධාර යටතේ මෙයට ආධාර ලැබිණි.ඉන්පසු ලංකාවේ ප‍්‍රථම සත්ත්ව ගොවිපළ බවට පත්විය.මධ්‍යම රජයට පැවරී තිබූ මෙම සත්ත්ව ගොවිපළ පසුව පළාත් සභාවට නතු කරගන්නා ලදි.ඉන් අනතුරුව නව ගොඩනැගිලි ඉදිකරමින් සත්ත්ව පාලන මධ්‍යස්ථානයක් නමින් වර්තමානය දක්වා පවත්වාගෙන යනු ලබයි.ඉන් අනතුරුව මෙය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වීමෙන් සත්ත්වයින්ගේ පැවැත්ම වැඩි දියුණු විය.අද වන විට මෙහි කුකුළන්,එළ ගවයෝ,මී ගවයෝ,එළුවන්,තාරාවන්,කළුකුන්,හාවෝ යනාදී සත්ත්ව වර්ග දැකගත හැකි වේ.මෙහි ප‍්‍රධාන වශයෙන් ගොවියන්ට සහ නිළධාරීන්ට පුහුණුව ලබා දේ.
මෙහි කිරි ආශ‍්‍රිත නිශ්පාදන වශයෙන් කිරි ටොෆි,යෝගට්,කිරි පට්ටි නිෂ්පාදනය කර අඩු මුදලකට අලෙවි කරනු ලබයි.මෙහි ගව පාලනය,කුකුල් පාලනය,ඌරු පාලනය සිදු කරනු ලබයි.ඊට අමතරව මෙහි එළුවන්,ඌරන්,ගවයන් අභිජනනය කරනු ලබයි.ඒ වගේම මෙහි නොයෙක් එළවළු වර්ගද වගා කර ඇත.මෙම ගොවිපළ තුළින් අපගේ ගම්මානයට පමණක් නොව මුළු ප‍්‍රදේශයටම සිදු කරන දායකත්ව අතිමහත්ය.බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදාවී ඇත.තවද මෙමගින් නැවුම් එළවළු සහනදායි මිලකට ලබා ගත හැකි වේ.තවද කිරිටොෆි,යෝගට්,එළකිරි වැනි නිෂ්පාදනයන් සහනදායී මිලකට ලබා ගැනීමට හැකියාව උදා කර දී තිබේ.ඒ අනුව බලන කල මෙම ගොවිපළ තුළින් ජන ජීවිතයට ඉටුවන දායකත්වය අති විශාලය.

Wednesday, July 24, 2019

අත්තා

විදි දුක් ගැහැට අපමයි..
සරසන්නට හෙට ලොව අප වෙනුවෙන්..
අපරිමිතයි සෙනෙහස.. මහ සාගරය තරම්....
වගුරපු දහඩිය කදුලු මහ විශ්වය වගේ
නික්ම ගියේ.... නොසිතූ මොහොතක.....
දැනගෙන සිටියද ජීවිතයේ තාවකාලික බව....
බොහෝ දුර ගිහින් එවිට හැරදමා අප....
තවමත් සිතෙනවා... හැරගියේ...
සිහිනෙන්ද කියා අප.. සත්තයි....

Monday, July 15, 2019

ජෝතිෂ්‍ය තතු




                  ජෝතිෂ්‍ය යනු අංජනම්,ආරූඪ පේන කිම් ආදි දෙවියන් හෝ භුතයන් මගින් කරන ගුප්ත විද්‍යාවක්
        නොවන බව කිව යුතුය.
                     ”නක්ඛත්තං පතිමානෙත්තං 
                      අත්ථො බාලං උපච්චගා
                      අත්තො අත්ථසස් නක්කත්ං”

          නැකත් ඛලමින් කටයුත්ත පසු කරන්නා වු මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය.බලාපොරාත්තුවන අර්ථය සිදුවේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?
                                                                                     බුදුරදුන් ජොතිෂ්‍ය පිළිබද දැක්වු අදහසයි.
බුද්ධ චරිතය,බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළද ජෝතිෂ්‍ය ගැන සදහන් වන අවස්ථා බොහෝය.. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිද ගැනීම සිදු වු විට මහමායා දේවිය දුටු සිහිනයේ අර්ථය වුයේ පින්වත් දරුවකු පිළිසිද ගත් බවයි.එලෙස පැවසුවේ ජෝතිෂ්‍ය දැනූමෙන් යූත් බ‍්‍රහම්මණයින් විසිනි.
       තවද බෝසත් කුමරුට නම් තබන අවස්ථාවේ දී මෙම කුමරුන් මතු බූදු වන බව පැවසූවේ කොණ්ඩඤ්ඥ බමූණා විසිනි  ඔහු තුළ තිබු විශාරද  ජේතිෂ්‍ය දැනුම නිසාවෙනි ජෝතිෂ්‍ය ගැන විශිෂ්ට දැනුමක් තිබු මෙම බමුණා බුද්ධ ශාසනයේ පළමූවෙන්ම නිර්වාණබෝධයට පත් පුද්ගලයාද විය. එකල අඨ්‍යාපනයට විෂයන් 64 අයත් විය.එම විෂයන් අතර ගණිතය,ඉතිහාසය,හා ජෝතිෂ්‍ය ඇතුළත් විය.
                   ජෝතිෂ්‍ය යනු අදුරේ යන අයට හුළු අත්තකි.එය ප‍්‍රයෝජනවත් අයුරින් යොදා ගත යුතු වේ.ජෝතිෂ්‍ය යනු ශාස්ත‍්‍රයක් පමණකි. ග‍්‍රහලෝකවල පිහිටිම වගේ සාධක පදනම් කරගෙන නමුත් උපන් වෙලාවට අනුව ඉදිරිය විස්තර කිරිමක් පමණකි.එය මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වන්නේ එයට අනුව වැඩ කිරිමට යාමෙනි.
       අප සියලූ දෙනා සතුව කේන්දරයක් නැතිනම් වේලපත්කඩක් පවතිි.මෙය නිර්මාණය වන්නේ කෙනෙකුගේ උපන් වෙලාව අනුවයි. මේ ග‍්‍රහ පිහිටීම අනුව කෙනෙකුගේ ගති ගුණ හැගීම් හා ඔහුගේ හෝ ඇයගේ අනාගතය තීරණය වන බව ජෝතිෂ්‍ය විද්‍යාවේදී තීරණය වේ. කේන්දරයේ ඇති දෝෂ හා ගැලපීම් අනුව වෙලාවන් හා පරිසම් විය යුතු දේවල් පිළිබද මෙන්ම දෛවය පිළිබද වද මෙමගින් දැන ගත හැකිය.
         ඒ වගේම රාවණ යුගයේ පටන්ම තාරකා ශාස්ත‍්‍රය හෙවත් ජෝතිෂ්‍ය විද්‍යාව පැවත එන්නකි. එකල සිට මෙතරම් කාලයක් තිස්සේ නොනැසී පවතින්න තරම් සත්‍යක් මේ විෂයෙහි ඇති බව අවිවාදයෙන් කිව හැකිය.පොත පත කියවද්දී ඒවායේ හමුවන චරිත වලින් හැගවෙන දෙයක් නම් මේ විෂයෙහි අති දක්‍ෂයන් උපන් වේලාවේදී කේන්ද්‍රය බලා ඔහුගේ ආයුෂ හා ඔහු ගත කරන ජීවිතය පිළිබද නිවරදි ලෙසම අනාවැකි ඵල කර ඇති බවයි. මේ ක්‍ෂේත‍්‍රයේ නිවරදි ලෙස යෙදෙන්නකුගෙන් ශුභ වේලාවන් ගෙන ඒ ඒ වේලාවන් ශ‍්‍රභ කාර්යන්හී යෙදිිමෙන් ඉතා සාර්ථක ලෙස කාර්යයන් කර ගැනීමේ හැකියාව පවතිි.
        ඒ වගේම විවාහය පිළිබද සදහන් කිරීමේදි විවාහ වීමට සිටින යුවලක් තම පොරොන්දම් කෙතරම්දුරකට ගැලපෙනවාද යන්න පරික්‍ෂා කරනු ලබයි. දෙමාපියන් මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනකුගේ සිතුම් පැතුම්,චර්යා, ලිංගික ගැලපීීම,දරු ඵල, ආදිය ගැලපේද යන්න ජෝතිෂ්‍යට අනුව සොයා බැලිමයි. පොරොන්දම් නිසි අයුරින් ගැලපේනම් සියලු දෙනා සතුටට පත් වේ.යම් හෙයකින් පොරොන්දම් අශුභ වී නම් විවාහය නවතා දමයි.මෙහිදී වැඩි අවධානයක් දිනා ගනු ලබන්නේ අත්‍යවශ්‍ය පොරොන්දම් සමග වැඩි පොරොන්දම්  ශුභ වී අසාර්ථක වන විවාහයන් ගැනය.මෙවැනි අවස්ථාවන්හි දීජෝතිෂ්‍යට වරද පටවන්නෝද සිටිති. නමුත් සැබෑ විවාහ පරික්‍ෂාවක් යනු විසි පොරොන්දමෙන් බොහෝ ඈතින් ඇති දෙයක් බව කිසිවෙකු කල්පනා නොකරති.
        තවද ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමේදී ද ජෝතිෂ්‍යට අනුව කටයුතු කරනු ලබයි. කුඩා දරුවකු හට නම් තැබිමේදී ලග්න හිමි අක්ෂර,දින හිමි අක්ෂර,නැකත් පාද,ගණ සම්බන්ධ විස්තර පිළිබද පරික්‍ෂා කිරිමෙන් අනතුරුව දරුවාට සුදුසු නමක් යෝජනා කරනු ලබයි.
        තවද ඈත අතිතයේ සිට ලක්දිව සංස්කෘතිය හා ජෝතිෂ්‍ය බැදි පවති. බොහෝ චාරිත‍්‍ර යෙදීී ඇත්තේ නැකත් වෙලාවන්ට අනුවය. එහිදීී නව සද බැලිම,පරණ අවුරුද්ද සදහා ස්නානය, අවුරුදු උදාව, යනාද’ සෑම චාරිත‍්‍රයක්ම ඉටු කරනු ලබන්නේ නැකත් වලට අනුවය.
      ඒ වගේම ජෝතිෂ්‍ය විද්‍යාවේ සියුම් හා ගැඹුරුම කොටස වශයෙන් නාඩි ජෝතිෂ්‍ය හදුනා ගත හැකිය. මෙය පාරම්පරික ජෝතිෂ්‍ය රහස් වලින් සමන්විත වු විද්‍යාවකි.මෙමගින් කෙනෙකුගේ මරණය සිදු වන ආකාරය,එය සිදුවන කාල වකවානු,ගිය ආත්ම භාවය, මතු ආත්ම භාවය පිළිබද විවරණය කළ හැකි වේ.
තවද සෑම වැදගත් අවස්ථාවකටම සරිලන පරිදි මුහුර්ති සකස් කිරිම, නැකත් සෑදීම යනුවෙන් හදුනා ගත හැකිය. එයද ජෝතිෂ්‍යට අනුව සිදුකරනු ලබයි.
              අලූත උපන් දරුවාට පළමු ආහාර කැවිමේ වේලාව
              මුල්ම අකුරු කියවිම
              මංගල නැකත් සෑදීීම
                                                                          යනාදිය සිදු කරනු ලබන්නේ නැකත් වලට අනුවය.
ව්‍යාපාරයක් වැනි දෙයක් අලූතින් ආරම්භ කිරිමේද’ ජෝතිෂ්‍යට අනුව කටයුතු කරයි. එහිදී ව්‍යාපාරය පටන් ගන්නා පුද්ගලයාගේ සහ හවුල්කරුවන්ගේ උපන් වෙලාවන්ට අනුව සුදුසු වෙලාවන් තීරණය වේ.මෙම ශාස්ත‍්‍රය ශබ්ධ ශාස්ත‍්‍රය යන ඉපැරණි ක‍්‍රම වේදයට අනුව සකසා ගත් ශාස්ත‍්‍රයකි.
  
ඒ වගේම මන්තර විද්‍යාවේදී සිදු කරනු ලබන්නේ යම් කෙනෙකුට හෝ යම් තැනකට කරන නරක ශක්තියක් විසින් ඇති කරන ලද බලපෑම් ඇත්නම් එම නරක ශක්තීන් ඉවර කර එම පිරිස ආරක්‍ෂා කිරිම මෙන්ම සුභ ඵල ලබා ගැනිම සදහා මන්තර ජප කරනු ලබයි. ඉපැරණි සහ නවීණ ගෙවල් වල ඇති දෝෂ සහ එම ගෙවල් වල නිවස ඇතුලත සහ පිටත ගෘහ භාණ්ඩ, පහන් පත්තු කරණ ස්ථානය,කාමර වල පැහැයන්, ලිප තැබ්ය යුතු ස්ථානය යනාදිය දැන ගැනිම වාස්තු විද්‍යාවට අනුව සිදුකරනු ලබයි. තවද අවුරුදුගණනාවක් කළ පරික්‍ෂණ වල ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ගේ දියුණුවට හා ඔවුන්ගේ නරක ශක්තීන් සහ අපල කාලවලින් ඇතිවෙන අසුභ ශක්තීන්ගෙන් ඈත් කර සුභ ඵල ඇති කරවන යහපත් ශක්තීන් ලබා ගැනිම සදහා තමන්ගේ ග‍්‍රහ පිහිටීම අනුව සුදුසු මැණික් වර්ග පැළදවීම සිදුකරනු ලබයි. මෙලෙස සෑම කටයුත්තක් සමගම ජෝතිෂ්‍ය බැදීී පවතීී.
          එමෙන්ම මාධ්‍ය මගින්ද ජෝතිෂ්‍ය භාවිතා කරමින් විවිධ ජන මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. එම වැඩසටහන් සදහා රටේ ප‍්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් ගෙන්වා ඔවුන්ගෙන් ප‍්‍රශ්න ඇසීමට ජනතාවට අස්ථාව සලසා දෙයි. ඒ වගේම 2015 පැවති මහ මැතිවරණය පිළිබද ද ප‍්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් විසින් පක්‍ෂයන්ට අදාළව විවිධ අනාවැකි ඉදිරිපත් කරන ලදීී. මෙහිදී පාඨකයන් විසින් විවිධ පැනයන් ඉදිරිපත් කරන ලදීී. එහිදී
            ඡුන්දෙට මොකද වෙන්නේ.........?
            කවුද දිනන්නේ........?
            රනිල්ද.......? මහින්දද.......?
                                                            යනාදී ලෙස බොහෝ දෙනෙක්ගේ විවිධාකාර අදහස්,ප‍්‍රශ්න හමුවේ ජෝතිෂ්‍යවේදීන් පිළිතුරු ලබා දෙනු ලැබීය.මෙම අවස්ථාවේ දී එජාපයෙන් ඡන්දය මෙහෙය වු රනිල් වික‍්‍රමසිංහගේ සහ සන්ධානයෙන් ඡන්දය මෙහෙය වු මහින්ද රාජපක්‍ෂගේ කේන්දර වලට ප‍්‍රමුඛතාව හිමි වී තිබිණි.ඊට අමතරව සන්ධානයේ කේන්දර සටහනට ද මුලික තැනක් හිමි විය.මෙයින් එජාපය ජය ගන්නා බව පැහැදිලි විය.
     තවද ජෝතිෂ්‍යවේදීීීන් ප‍්‍රකාශ කර සිටියේ නැවත රටේ යුද ගිනි බියක් කිසි කලෙකවත් ඇති නොවන බවද අනවශ්‍ය ප‍්‍රශ්න ගැටලු ක‍්‍රමිකව දුරලමින් රටට යහපත් කාලයක් උදාවන බවත්ය.තම සීලය රැකගනිමින් යහපත්ව ජිවිතය ගෙවු අයට යහපත් කාලයක් ඉදිරියට උදා වන බවත්ය.
           නමුත් වර්තමානය වන විට මෙම ජෝතිෂ්‍ය ශාස්ත‍්‍රය මුදල් පසු පස හඹා යන සුදුවක් බවට පත් වි ඇත.වර්තමානයේ මේ ශාස්ත‍්රයේ නියැලෙන්නේ මෙම ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරවු පිරිස්ද යන්න ගැටලුවකි.ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ ජනතාව රවට්ටමින් තම පසුම්බිය තර කර ගැනිමයි.එනිසා වංචාකාර පුද්ගලයන්ට හසු නොවී මනා දැනුමින් යුතු වීම නුවණට හුරු කමකි.
                     මේ අයුරින් ජෝතිෂ්‍ය යහපත් දේ මෙන්ම අයහපත් දේද ගැබ්ව පවති.සුදුසු දේ සුදුසු ස්ථානයේදී තෝරා ගැනිමට තමන් තුල අවබෝධයක් තිබිම යුගයේ අවශ්‍යතාවය වී ඇත.
          
                                                                චිරං ජයතු..........!