වර්තමානය වන විට ප‍්‍රචාරණය දැන්වීම්කරණය යන්න පෙරට වඩා සංකීරණ වී ඇති බව පෙනේ. ව්‍යවසායික අපේක්‍ෂා මත නිර්මාණය වන දැන්වීම් තුලින් ගොඩ නැගෙන සංහතික මාධය සංස්කෘතිය තුල පුද්ගලයාත් සමාජයත් මංමුලා වී ඇති බව පෙනෙන්නට තිබේ. එකී මාධ්‍ය සංස්කෘතිය තුල පුද්ගලයා සම්පූර්ණයෙන්ම හැසිරෙන්නේ මාධය දැන්වීම් නිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. මාධ්‍ය දැන්වීම් වලින් තොරව මිනිසාට තම අවශ්‍යතාවන් සම්පූර්ණ කරගත හැකිද? ඒ තරමට මාධය දැන්වීම් පුද්ගලයාටත් පුද්ගලයාගෙන් සංයුක්ත වූ සමාජයටත් බලපෑම් කරන බව පෙනේ. මාධ්‍ය දැන්වීම් යනු හුදෙක් කිසියම් සන්දේශයක් ග‍්‍රාහකයා වෙත ලබා දීම පමණක් නොවේ. එය පුද්ගලයාගේ සිතුම් පැතුම් හා චර්යාවන්ද වෙනස් කරන බව පෙනේ. රූපයත් නාදයත් අතර අපූරු සුසංයෝගයකින් නිර්මාණය වන සංදේශ බලහත්කාරයෙන් ඇස් ගෙඩි වලින් මොළ ගෙඩි වලට කඩා පනී.එයින් වැළකීමට නුපුළුවන,භාණ්ඩ,හා සේවා රැගත් දැන්වීම් තුළින් පුද්ගලයා තමන්ට නොගැලපෙන පාරිභෝගිකවාදි සංස්කෘතියකට හුරු වී ඇති බව පෙනේ.එහිදි තමන්ගේ මුලික අවශ්‍යතාවයන් පසෙකලා ආශාවන් පසුපස හඹා යයි.
මාධ්‍ය දැන්විම්කරණයේ අහිතකර ප‍්‍රතිඵල දැඩි වශයෙන් ම භුක්ති විදින්නේ කුඩා ළමුන්ය.ප‍්‍රතිඵල දැඩි වශයෙන් ම භුක්ති විදින්නේ කුඩා ළමුන්ය.ඔවුන් එක් දිනකට දැන්විම් විශාල ප‍්‍රමාණයක් නරඹන අතර එකී දැන්වීම් තුළින් නිවසේ ආලින්දයට ගෙන එන විවිධ වර්ගයේ ක්ෂණික ආහාර,පැණි රස කෑම ඉල්ලා උද්ඝෝෂණය කරයී. උද්ඝෝෂණ හමුවේ පරාජය වන දෙමාපියන් දරුවන්ට එකී සියලූ නව වෙළඳපොල ආක‍්‍රමණය කරන සියලූ භාණ්ඩ දරුවන්ගේ දෝත තබයිි.
ඔවුන් ඒවා වැළඳ ගනියි.
සමස්තයක් වශයෙන් දැන්වීම්කරණයයේ සමාජිය අවශ්‍යතාද පවතී.දැන්වීම් නොමැති වුවොත් වර්තමානයේ කෙතරම් කාන්තාවන්ට අවිවාහකව සීටිමට සිදු වේද? කොතරම් වාහන හා ඉඩම් විකුණාගත නොහැකි වන්නේද? තමන්ට අවශ්‍ය භාණ්ඩ සොයා ගැනීම සඳහා පාරිභෝගිකයා වෙළඳපොලේ රස්තියාදු වන්නේද? යනාදී අවශ්‍යතාවයන් සඳහා දැන්විම් ප‍්‍රචාරය අවශ්‍යයය.මාධ්‍ය දැන්විම්කරණය පිළිබඳව අධ්‍යනය කිරීෙමි දී ‘දැන්විම්’ යන වචනයේ අර්ථය විමසා බැලීය යුතුය. දැන්විම්කරණය යනු සංකීර්ණ ක‍්‍රියාවලියකි.එය වෙළද දැන්විම් වලට පමණක් සීමා නොවි ඒවා වාණිජමය සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් විවිධ මුහුණුවරින් ඉදිරිපත් විය හැකිය.මාධය දැන්විම්කරණය ප‍්‍රධාන වශයෙන් වාණිජමය සාධක සමග බැඳි ඇති නමුත් මාධ්‍ය දැන්විම්කරණය එයට පමණක් සීමා නොවේ.සමහස්තයක් වශයෙන් ගෙන බලන විට මාධ්‍ය දැන්විම්කරණයේ ප‍්‍රධාන ප‍්‍රභේද 3 ක් හඳුනා ගත හැකි වේ.
වෙළඳ දැන්විම්
සමාජ සේවා දැන්විම්
දේශපාලනික දැන්විම්
දැන්විම්කරණයේ ඉතිහාසය පිළිබඳව සඳහන් කිරීමේ දී සන්නිවේදනයේ ආරම්භය මානව සමාජයේ ආරම්භයට සමගාමි වන්නකි.ඒ අනුව මානවයා විසින් අඳින ලද විවිධ චිත‍්‍ර, රූප සටහන් තුළ ඇත්තේ යම් ආකාරයක දැනුම් දිමකි.ඒවා වර්තමානයට දැන්විම්ද? ප‍්‍රවෘත්තිද? විශේෂාංගද? නැතිනම් මානවයා තම අධ්‍යාත්මික හැඟිම් හා මනෝභාවයක් ප‍්‍රකාශ කළ අවස්ථාවන් ද යන්න සොයා බැලිය යුතුය.
මාධ්‍ය දැන්විම්කරණය බැලූ බැල්මට ව්‍යවසායික අරමුණක් වශයෙන් සලකා බැලීය හැකි නමුත් ඊටම සීමා කළ නොහැකිය.මෙහිදි මාධ්‍ය දැන්විම්කරණය පිළිබඳ මධ්‍යස්ථ විග‍්‍රහයක් සිදු කිරීම වඩාත් උචිතය. මාධ්‍ය දැන්විම්කරණයේ අවශ්‍යතාව විවිධ ආස්ථානයන්ගෙන් බැලීය හැකිය.එය ප‍්‍රධාන වශයෙන් දෘෂ්ටි කෝණ 3 ක් යටතේ සාකච්ඡාකළ හැකිය.
ව්‍යාපාරික අවශ්‍යතාව
පාරිභෝගික අවශ්‍යතාව
සමාජ අවශ්‍යතාව
මාධ්‍ය දැන්විම්කරණයේදී පාරිභෝගිකයා පොලඹවා ගැනිම සඳහා දැන්විම්කරුවන් විවිධ උපක‍්‍රම භාවිතා කරයි.
පුද්ගලභාව හා චරිත ලක්ෂණ ඉලක්ක කරගෙන දැන්විම් නිර්මාණය කිරීම.
දැන්විම් තුළින් තෘප්තීමත් බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
සුරක්ෂිත බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
බුද්ධිමත් බව පිළිබඳ හැඟිමක් ඇති කිරීම.
යනාදී වශයෙනි.
මාධ්‍ය දැන්විම්කරණයේ හිතකර ලක්ෂණ මෙන්ම අහිතකර තත්ත්වයන් ද පවතී.ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ප‍්‍රකාශ කරන්නේ මාධ්‍ය දැන්විම් තුළින් සමාජයට අයහපත් පුරුදු එක් කරන බවයි.එසේම සාරධර්ම,සංස්තෘතියේ අගය කිරීම් හා මානව ගුණ ධර්ම උල්ලංඝණය වන බවද ඇතැමුන් දක්වයි. ඒ අනුව බැලිමේ දි මාධ්‍ය දැන්විම්කරණයේ අවාසි හෙවත් අහිතකර ප‍්‍රතිඵල ගණනාවක් ද හඳුනා ගත හැකිය.
පුද්ගලයා තුළ අවශ්‍යතා ඉක්මවා ගිය ආශාවන් නිර්මාණය කරයි.
පාරිභෝගිකයා මුලාවිම / රැවටීම.
ප‍්‍රචාරන භාණ්ඩවල වටිනාකම ඉහළ දැමීම.
ගුණාත්මක හීන භාණ්ඩ අලෙවි වීම.
ළමුන් තුළ අයහපත් පුරුදු වර්ධනය.
යනාදී වශයෙනි.
No comments:
Post a Comment