ස්වභාදහමේ අපූර්ව නිර්මාණයක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ උඳුගොඩ ගා්රමයේ අක්කර 100 පුරා පැතිරී තිබෙන භූමියේ හාවන්,මුවන්,කුරුළු වර්ග,වලිකුකුළන් වැනි සතුන් නිදහසේ සැරිසැරූ බව පැරැුන්නන් පවසති.1990 වර්ෂයේ නේපාල රජයේ අනුග්‍රහයෙන් මෙම භූමිය සත්ව ගොවිපලක් බවට පත් කරන ලදි.මෙය ආරම්භයේදී ”රජයේ කිරි පට්ටිය ” යනුවෙන් හඳුන්වන ලදි.බටහිර ජර්මන් ජනරජයේ ලෝක සොයා ගැනීමේ ආධාර යටතේ මෙයට ආධාර ලැබිණි.ඉන්පසු ලංකාවේ ප්‍රථම සත්ත්ව ගොවිපළ බවට පත්විය.මධ්‍යම රජයට පැවරී තිබූ මෙම සත්ත්ව ගොවිපළ පසුව පළාත් සභාවට නතු කරගන්නා ලදි.ඉන් අනතුරුව නව ගොඩනැගිලි ඉදිකරමින් සත්ත්ව පාලන මධ්‍යස්ථානයක් නමින් වර්තමානය දක්වා පවත්වාගෙන යනු ලබයි.ඉන් අනතුරුව මෙය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වීමෙන් සත්ත්වයින්ගේ පැවැත්ම වැඩි දියුණු විය.අද වන විට මෙහි කුකුළන්,එළ ගවයෝ,මී ගවයෝ,එළුවන්,තාරාවන්,කළුකුන්,හාවෝ යනාදී සත්ත්ව වර්ග දැකගත හැකි වේ.මෙහි ප්‍රධාන වශයෙන් ගොවියන්ට සහ නිළධාරීන්ට පුහුණුව ලබා දේ.
මෙහි කිරි ආශ්රිත නිශ්පාදන වශයෙන් කිරි ටොෆි,යෝගට්,කිරි පට්ටි නිෂ්පාදනය කර අඩු මුදලකට අලෙවි කරනු ලබයි.මෙහි ගව පාලනය,කුකුල් පාලනය,ඌරු පාලනය සිදු කරනු ලබයි.ඊට අමතරව මෙහි එළුවන්,ඌරන්,ගවයන් අභිජනනය කරනු ලබයි.ඒ වගේම මෙහි නොයෙක් එළවළු වර්ගද වගා කර ඇත.මෙම ගොවිපළ තුළින් අපගේ ගම්මානයට පමණක් නොව මුළු ප්‍රදේශයටම සිදු කරන දායකත්ව අතිමහත්ය.බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදාවී ඇත.තවද මෙමගින් නැවුම් එළවළු සහනදායි මිලකට ලබා ගත හැකි වේ.තවද කිරිටොෆි,යෝගට්,එළකිරි වැනි නිෂ්පාදනයන් සහනදායී මිලකට ලබා ගැනීමට හැකියාව උදා කර දී තිබේ.ඒ අනුව බලන කල මෙම ගොවිපළ තුළින් ජන ජීවිතයට ඉටුවන දායකත්වය අති විශාලය.
not bad
ReplyDeletethaks dr
Delete👌👌👌
ReplyDelete